පළාත් 04 ක කෘෂි නවෝදය ඇති කරන මොරගහකන්ද සම්පූර්ණ විමත් සමග මෙරට කෘෂි කර්මාන්තය නව මාවතකට යොමුවනවා. ඒ අනුව පැරකුම් යුගයක් යළි ගොඩනැගීම වත්මන් රජයේ ඉලක්කයයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා වත්මන් රජයේ දැවැන්ත කැපවීමකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 21000ක් වැය කෙරෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතිය පරාක්‍රම සමුද්‍රය මෙන් 06 ගුණයක් විශාල ජල ධාරිතාවකින් යුත්තයි. මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් කළුගග ව්‍යාපෘතියේ කටයුතු ද මේ වන විට සැළකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතිනවා.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කදුවැටි ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගග ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කර කළු ගග නිර්මාණය කෙරෙනවා. කළු ගග දකුණු ඉවුරේ සැදලි වේල්ල ඉදිකිරීම් නිමවීමෙන් පසුව අක්කර 2000 ක භූමිභාගයක් යල මහ දෙකන්නය නිසැකවම වගා කිරීමේ හැකියාව හිමිවනවා.මෙහි ජලයෙන් පෝෂනය වන වැව් සංඛ්‍යාව 16 ක්.මෙමගින් ගොවිබිම් වෙත ජලය සැපයීමට අමතරව පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම සදහා රුපියල් මිලියන 4,000 ක් වැය කර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.
කළුගග ව්‍යාපෘතියේ රන්දියවර රැස්කිරීම ලබන 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. කළු ගග සිට මොරගහ කන්ද දක්වා කි.මී. 9 ක දිගින් යුතු උමං සහිත ඇල මාර්ගය ඉදිකිරීම් ද මීට සමගාමීව ජනාධිපතිතුමා අතින් ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. මොරගහකන්ද හා කළුගග ව්‍යාපෘති පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවකදී ද අදහස් පල කෙරුණා.
ශාන්ත බණ්ඩාර – සභාපති – ශ්‍රීලනිප තරුණ පෙරමුණ
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=IkPUyesQvms&feature=youtu.be”]