ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසදීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ගම්පහ දිසාලේකම් කාර්යාල සංකීර්ණයේ ඉදිකෙරුණු දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මෙම කාර්යාලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 11 ක් පමණ වැය කර තිබෙනවා. අමාත්‍ය සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර වනාතවිල්ලුව කල්පිටිය සහ පුත්තලම යන ආසනවල ජනතාවගේ ඉඩම් ගැටලු සොයා බැලීම සදහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලුවලට මාස තුනක් ඇතුළත විසදුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=gyMYlCzOjjQ&index=2&t=0s&list=PLqArCuZXiGr1q9p5S3aTfWvAEGlInqTiE”]