21 වන පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායම සමග එරට නිල පාපන්දු ගීතය ගායනා කිරීමට එරට ජනාධිපති එමානුවෙන් මැක්රෝන් එක්වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති මන්දිරය වෙත ලෝක ශූර එරට පාපන්දු කණ්ඩායම කැඳවාගෙන ආවේ ඉහළින් නිරාවරණය කළ බස් රථයකයි. මග දෙපස රැස්වූ ප්‍රංශ පාපන්දු ලෝලීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔවුන්ට උණුසුම් සුබ පැතුම් එක්කළා.
මේ අතර ප්‍රංශයේ සිවිල් වැසියෙකුට හිමි වන ඉහළම සම්මානය වන ලිජියොන් ද ඔනර් සම්මානය ලෝක කුසලානය දිනූ ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයන්ට පිරිනැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන බස් නැවතුම්පොලක් නම් කිරීමට ද කටයුතු කෙරුණා. ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ලබා දුන් එළිමහන් සාදය අතරතුර එරට පාපන්දු නිල ගීතය ගායනා කිරීමට ද එක්වුණා.
මේ අතර අනුශූරයන් බවට පත්වූ කොඒෂියා කණ්ඩායම ද සිය රටට ආපසු පාපන්දු ලෝලීන්ගේ උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. එරට අගනුවර සැග්රබ්හි පිහිටි චතුරස්‍රයක විශේෂ උත්සවයක් ද කණ්ඩායම වෙනුවෙන් පවත්වනු ලැබුවා. රැස්වූ ජනතාව කණ්ඩායමේ රතු, සුදු හා නිල් වර්ණයෙන් සැරසී සිටීම කැපී පෙණුනා.