ජපානය සමඟ ගිවිසුමකට එළඹෙන බව යුරෝපා සංගමය ප්රකාශ කළා. වෙළෙද සම්බන්ධතා තහවුරු කරගැනීමයි අරමුණ. ආර්ථික කලාපයක් නිර්මාණය කිරිම ද අවධානය යොමුව තිබෙනවා. ඇමරිකාවේ බදු ප්රතිපත්තිය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසදුම් ලබාගැනීමත් අපේක්ෂාවක් බවයි යුරෝපා සංගමය සදහන් කළේ. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 28 ක් සමග වෙළෙද කටයුතු සිදුකිරිමට ජපානයට හැකියාව ලැබෙනවා.