විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ හතර දෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර චීන ජාතිකයන් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයන් දෙදෙනෙකු වන බවයි රේගුව සදහන්කළේ. ඔවුන් ලග තිබී රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂ විසිහතර දහසක් වටිනා ඇමරිකා ඩොලර් තොගයක් හමුවුණා. ඔවුන් මෙරට කැසිනෝ ක්රීඩාවේ නිරතව ඉන් ජයගත් මුදල් මෙසේ රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි හෙළිව තිබෙන්නේ.