fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23 දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 09:52

කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23 දෙනෙකුට තුවාල

හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින්  සංචාරකයින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.හවායි දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ  බෝට්ටුවකින්  ගමන් කරමින් සිටි සංචාරකයින් පිරිසකුයි මෙලෙස අනතුරට මුහුණපා ඇත්තේ.

මෙම සංචාරක බෝට්ටුව කිලවායා ගිනිකන්දෙන් ආරක්ෂක ප්‍රදේශයක ගමන් කරමින් තිබූ බව වෙරළාරක්ෂකයින් සඳහන් කරනවා. කිලවායා ගිනිකන්ද පිපිරුමත් සමග ගල් කැබලි සහ ලාවා නිකුත් වීමෙන් ඔවුන්ට තුවාල සිදුව තිබෙනවා. තුවාල ලැබූවන්   අතරින්  එක් අයෙකුගේ අස්ථි බිඳීමට ලක්ව ඇති බව ද වාර්තා වනවා. හවායි හි කිලවායා ගිනිකන්ද පසුගිය මැයි මාසයේදී සක්‍රිය වුණා. තවමත් එම ගිනි කන්දෙන් පිපිරුම් සිදු වන අතර ගිනි කැබලි සහ විෂ වායු නිකුත් වෙමින් පවතිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්