fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

MOBILE PHONE භාවිතයෙන් පිළිකා ඇතිවෙනවද?

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 14:04

MOBILE PHONE භාවිතයෙන් පිළිකා ඇතිවෙනවද?

ලෝකයේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය දිනෙන් දිනම ඉහල යමින් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 2017 වර්ෂය තුළ භාවිත වූ ජංගම දුරකථන මිලියන 328.5ක්. එය වසර 2000දී භාවිත තළ ජංගම දුරකතන මිලියන  110ක් ප්‍රමාණයක් මෙන් තුන් ගුණයක් ඉකමවා යාමක්. එමෙන්ම මේ වන විට ලොව පුරා භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය බිලියන 6ක් ඉක්මවා ගොස් තිබෙන බවටයි වාර්තාවන්නේ.

මේ හේතුව නිසාම ජංගම දුරකථන භාවිතය මගින් පිළිකා ඇතිවිය හැකිදැයි යන්න පිළිබඳ චකිතයක් මිනිසුන් තුළ තිබෙන්වා.  ඊට ප්‍රධානම හේතුව වන්නේ ජංගම දුරකථන මගින් ගුවන් විදුලි තරංග විකිරණ ප්‍රභේදයක් නිකුත් වීමයි.

ජංගම දුරකථන ක්‍රියාත්මක වන වේලාවන්හි දී මෙලෙස නිකුත් කරනුන් ලබන විකිරණවල ශක්තිය ඒ අසල ඇති  සිරුරේ කොටස් මගින් උරාගත  හැකි බව පොදු මතයයි. කෙසේ නමුත් මෙම විකිරණ පදාර්ථ අයනීකරණය කළ නොහැකි විකිරණ ඛණ්ඩයට අයත්  බැවින් ඒවාට මිනිස් සෛලවල ඇති DNA අනුවලට හානි ඇති කළ නොහැකිය යන්න මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූවන්ගේ මතතයි.එබැවින් ඒවාට මිනිස් සිරුරේ පිළිකා ඇති කළ නොහැකිය යන්න සිතිය හැකිය.

මෙවැනි පසුබිමක් මත ජංගම දුරකථන භාවිතයේ දී පිළිකා ඇති වෙනවාදැයි බැලීමට පරීක්ෂණ රැසක් සිදුකර තිබෙනවා. ඉදිරියේදීත් මේ පිළිබඳ බොහෝ පරීක්ෂණ සිදුකෙරෙනු ඇති. මේ පරීක්ෂණ අතර පරීක්ෂණාගාර තුළ වගා කරන ලද සෛල  භාවිත කරමින් සිදු කරන පරීක්ෂණ ද,සතුන් භාවිත කරගෙන කරනු ලබන පරීක්ෂණ ද, කෙළින්ම  මිනිසුන් යොදාගෙන කරනු ලබන පරීක්ෂණ ද අයත් වනවා. කෙසේ නමුත් එම පරීක්ෂණ මගින් ඔප්පු වී ඇත්තේ ජංගම දුරකථන මගින් පිළිකා ඇති කළ නොහැකි බවයි.

මිනිසුන් භාවිත කරගෙන සිදු කළ පරීක්ෂණ අතරින් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් යොදාගෙන රටවල්  13ක් පුරා සිදු කරන ලද The Inter Phone පරීක්ෂණය ද, වර්ෂ 1982 – 1995 කාලයේ දී ජංගම දුරකථන භාවිතය ඇරඹූ ඩෙන්මාර්කයේ මිනිසුන් 4,00,000කට  වැඩි පිරිසක් යොදාගෙන දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන The Danish Cohort  පරීක්ෂණය ද ,මහා   බ්‍රිතාන්‍යයේ කාන්තාවන් 800,0000කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන වසර 07කට වඩා කාලයක් කරගෙන යන The Million පරීක්ෂණය ද මගින් පෙනී ගොස් ඇත්තේ ජංගම දුරකථන භාවිතය මගින් පිළිකා අවදානම  වැඩි නොවන බවයි.

කෙසේ නමුත් ඉහත පරීක්ෂණ සැලසුම් කිරීමේ දී ඇති වූ  යම් අඩුපාඩු හඳුනාගෙන ඇති බැවින්, ඒවා මගහරවාගෙන ඉදිරියේ දී කරනු ලබන පරීක්ෂණ ඉතා නිවැරදි ආකාරයෙන් සිදුකිරීමෙන් පමණක් ඉහත පරීක්ෂණ තහවුරු  කළ හැකි බව විද්වත් මතයයි.  එම පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු ජංගම දුරකතන භාවිතය මගින් පිළිකා ඇතිවිය හැකිද නැතිද යන්න නිගමනය කළ නොහැකිය. එම නිසා යම් හෙයකින් මෙවැනි අවදානමක්ද ඇතිවිය හැකි බව සිහි තබාගෙන ජංගම දුරකතන භාවිත කිරීමට කටයුතු කළ යුතුයි.

 

-ශානිකා රත්නායක-

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo