fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා සමඟ ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 09:44

කේරල ගංජා සමඟ  ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට

උතුරු මුහුදේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 36කට වැඩි ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා.නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරයක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් අදාළ වැටලීම සිදු කළා.

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදීයි කේරළ ගංජා තොගය සමග ඉන්දීය ජාතික සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ. ඉන්දීය කුඩා වර්ගයේ යාත්‍රාවක් මගින් ඔවුන් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි බව නාවික හමුදාව ප්‍රකාශ කළා. යාත්‍රාව, සැකකරුවන් සහ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්