ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර හමුව අද (16) පැවැත්වීමට නියමිතයි. 2016 වසරේ පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ගැටුම් පවතින අවස්ථාවකයි දෙරටේ නායකයන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ.
ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි හිදි සාකච්ඡා පැවැත්විමට සැලසුම්කර තිබෙනවා. එහිදි අනෙකුත් රටවල පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. සාකච්ඡා සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා මේ වන විට ෆින්ලන්තයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.