ලිස්බන්හි පිහිටි පැණි රස කෞතුකාගාරය
Related Articles
ලිස්බන් නුවර පිහිටි කෞතුකාගාරයක් ගැන මේ වන විට සමාජ මාධ්‍යය විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ තමයි MARSH MALLOW POOL TO ICE CREAM LAND කෞතුකාගාරය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි පැමිණෙන අමුත්තන් සතුටු වන ආකාරයට අතිවිශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති අයිස් ක්‍රීම් හා වර්ණවත් ස්වරූපයෙන් ප්‍රදර්ශනය කර ඇති පැණි රස කෑම වර්ගවලින් මේ කෞතුකාගාරය පිරී තිබීමයි. මෙම කෞතුකාගාරය යුරෝපයේ පළමු ස්වීට් කලා කෞතුකාගාරයයි.
මෙහි නිර්මාතෘ කාලා සැන්ටෝස් පවසන්නේ එක්සත් ජනපදයේ ජනප්‍රිය වී ඇති පැණි රස කෑම වර්ග ප්‍රදර්ශනවලින් එම අදහස ලබා ගත් බවයි. තරුණ පරම්පරාවට නවමු අත්දැකීමක් ලබාදීමටත් ජනමාධ්‍ය අවධානය යොමු කර ගැනීමත් තම ඉලක්ක කරගත් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ මහජනතාවට නිර්මාණශීලී ඡායාරූප ලබා ගැනීමට අවස්ථා ලබාදීමටයි. MARSH MALLOW POOL TO ICE CREAM LAN කෞතුකාගාරයේ ප්‍රධාන නරඹන්නන් අවුරුදු 15ත් 30ත් අතර වයසේ පසුවන පාර්ෂවය බවයි එරට මාධ්‍ය පවසන්නේ.