fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිලට මුවාවී බඩු මිල වැඩි කරන වෙළඳුන්ට දැඩි නීති

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 18:38

ඉන්ධන මිලට මුවාවී බඩු මිල වැඩි කරන වෙළඳුන්ට දැඩි නීති

ඉන්ධන මිල සංශෝධනය පාදක කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල  හිතුමතේ වැඩි කරන කූඨ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට පවතින පාරිභෝගික සේවා අධිකාරී පනතේ අඩුලුහුඬුකම් මග හැර පාරිභෝගික  අයිතීන් රැක ගැනීම සඳහා ශක්තිමත් නව පනතක් හඳුන්වා දීමට ද රජය සූදානම් වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. රජය හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 වනදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති. ඉන්ධන මිල වෙනස් වීම සමග භාණ්ඩ හා සේවාවල මිල තමන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට වෙළෙඳුන්ට ඉඩ ලබා නොදීමටයි රජය නව වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ. ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවලදී භාණ්ඩ හා සේවා මිල වැඩි කළ ද එම මිල අඩුවන විට එහි වාසිය එසැණින් පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ හේතුවෙන් පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය නව පනත හඳුන්වා දෙනු ඇති. අදාළ නීති රීති සකස් කිරීම , වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වය යටතේ දැන් සිදු කෙරෙනවා. භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩි වීම සඳහා හේතු ගණනාවක් බලපාන අතර ඉන්ධන මිල පමණක් සලකමින් භාණ්ඩ මිල සංශෝධනය කිරීමට ඉඩ සැලසිය නොහැකි බවයි මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ.

පසුගිය රජයට සාපේක්‍ෂ ලෙස වත්මන් රජය යටතේ බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පවතින්නේ අඩු මට්ටමක. 2014 වසරේදී කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 2650කටයි. එහෙත් වත්මන් රජය යටතේ එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538ක් දක්වා පහත බැස තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයින්ට සැලසෙන වාසිය රුපියල් 1112ක්. 2014 වසරේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් අලෙවි කෙරුණේ රුපියල් 386 කටයි. මේ වන විට එහි අලෙවි මිල රුපියල් 340 ක්. පරිප්පු කිලෝග්‍රෑමයක් පසුගිය රජය සමයේදී රුපියල් 220 ත් 240 ත් අතර මිලකට අලෙවි කෙරුණා. වත්මන් රජය යටතේ පරිප්පු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 130 කටයි. මින් රුපියල් 90 ක වාසියක් පාරිභෝගික ජනතාවට හිමිවනවා. 2014 වසරේදී සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 116 කට අලෙවි වූ අතර වත්මන් රජය යටතේ රුපියල් 96 ත් 110 ත් අතර මිලකට පහත බැස තිබෙනවා. පසුගිය රජය සමයේදී ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 125 ක් වූ අතර වත්මන් රජය යටතේ එය රුපියල් 90 ත් 100 ත් අතර මිලකට පාරිභෝගිකයින්ට ලබාගත හැකියි. රජය සියලු සහන ලබා දෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමින්. ස්වාභාවික ව්‍යසන ඇතුලු ආර්ථිකයට බලපාන බොහෝ අභියෝග ඇති වුව ද රජය පාරිභෝගික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම සහන ලබා දීමට කැපවී සිටිනවා.

මේ අතර ඉන්ධන මිල වෙනස් වීම සමග තමන්ට අභිමත පරිදි වෙළෙඳුන් භාණ්ඩ මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ද අදහස් දැක්වුණා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්