fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාපන්දු කිරුළෙන් ඔද වැඩුනු ප්‍රංශ ප්‍රේක්ෂකයින්ට කදුළු හා ජල ප්‍රහාර

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 12:18

පාපන්දු කිරුළෙන් ඔද වැඩුනු ප්‍රංශ ප්‍රේක්ෂකයින්ට කදුළු හා ජල ප්‍රහාර

දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට ප්‍රංශය සමත්වුණා. ඒ ගෝල 04ට  02ක් ලෙස ක්‍රොයේෂියාව පරාජයට පත් කරමින්.රුසියාවේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණේ ප්‍රංශයයි.

තරගයේ 28 වන විනාඩියේදී ගෝලයක්  වාර්තා කරමින් 1ට 1 කිරීමට ක්‍රොයේෂියාව සමත් වුණා. මේ අනුව පලමු අර්ධය නිමා වන විට ප්‍රංශය ගෝල 02 ක් ලබා සිටි අතර ක්‍රොයේෂියාව ලබා ගත හැකි වුයේ එක් ගෝලයක් පමණයි. අනතුරුව ආක්‍රමණශීලී හා සැලසුම්සහගත තරග රටාවක නිතර වෙමින් ප්‍රංශය ජයග්‍රහණය කරා ගමන් කළා. තරගය නිමා වන විට ගෝල 04ක් ප්‍රංශය ලබාගනිද්දී ගෝල 02 ක් පමණයි ක්‍රොයේෂියාවට ලබාගත හැකි වුණේ. 1970 වසරෙන් පසුවයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා  තරගයේදී  කණ්ඩායමක් ගෝල 04 ක් ලබාගෙන ඇත්තේ. මෙවර පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනාගත්තේ  වසර 20 කට  පසුවයි. එම ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරීමට එක්වූ ප්‍රංශ ප්‍රේක්ෂකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැරීසියේ අයිෆල් කුළුන අවට ප්‍රදේශයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුනා. ඔවුන් පාලනය කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි එරට පොලීසියට සිදු වුණේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 12:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්