ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ඇමෙරිකාවේ කිම් වැන්ඩෙන්බර්ග් දෙදින පුහුණු වැඩමුළුවක් හික්කඩුවේදී පැවැත්වුවා. හික්කඩුව ගුණජය සතුට පදනමේ පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රිඩිකාවන් 45 දෙනෙකු පුහුණු වැඩමුළුවට එක්ව සිටියා.
ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා තාක්ෂණික පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේදී සිදු වුණා. ඇමෙරිකා පිහිනුම් උපදේශක ශ්‍රී ලංකාවේ පිහිනුම් පුහුණුකරු ධම්මික විතානාච්චි මහතායි මෙම වැඩසටහන සංවිධාන කළේ.