තාක්ෂණික දියුණුවත් සමග රටේ පරිවර්තනයක් ඇති විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජංගම දුරකතන ඇතුළු තාක්ෂණික උපකරණවලට රටේ ඉතිහාසය පිළිබද තොරතුරු ඇතුළත් කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රාජ මහා විහාරයක් බවට පත් කිරීමට අදාළ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹූරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ වෙත මෙහිදී පිළිගැන්වුණා. ඊට අදාළ සමරුඵලයක ද අග්‍රාමාත්‍යවරයා නිරාවරණය කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_4-O5UihEdE&feature=youtu.be”]
අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල , නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.