fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිතුමනාපයට ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කරන්න හැකියාවක් නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 10:09

හිතුමනාපයට ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කරන්න හැකියාවක් නැහැ

කැබිනට් තීන්දුවලින් බැහැරව හිතුමනාපයට ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට කිසිදු හැකියාවක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

2015 වසරේදී සියලූම බෝග සදහා ග්ලයිෆෝසෙට් භාවිතය තහනම් කරනු ලැබුවා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත 2017 වසරේදී තේ සහ රබර් යන බෝග සදහා පමණක් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව එම තහනම ඉවත් කෙරුණා. එහෙත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා පසුගියදා නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් මගින් සියලුම බෝග සදහා පනවා තිබූ ග්ලයිෆෝසෙට් තහනම ඉවත්කර ඇති බවට මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරන්නේ කැබිනට් අනුමතිය හිමිව තිබෙන්නේ තේ සහ රබර් සදහා පමණක් ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරිමට මිස , සියලු බෝග සදහා වන තහනම ඉවත් කිරීමට නොවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්