අනවසර සංක්‍රමණිකයින් 450 දෙනෙකු තම රටට ගැනීමට ඉතාලිය කැමැත්ත පල කර තිබෙනවා.ඉතාලිය ආශ්රිත වෙරළ තීරයට ඊයේ දිනයේ පැමිණි මෙම සංක්‍රමණිකයින් සිසිලි දූපත් වෙත යොමුකිරීමටයි ඉතාලි රජය කටයුතු කර තිබෙන්නේ. ඔවුන්ගෙන් සංක්‍රමණිකයින් 50 දෙනා බැගින් ප්‍රංශය , ජර්මනිය ,මෝල්ටා රාජ්‍යය , පෘතුගාලය හා ස්පාඤ්ඤය භාර ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.මෙම සංක්‍රමණිකයන් ලී වලින් සෑදු බෝට්ටු මගින් ඉතාලියට සංක්‍රමණය විමට උත්සාහ දරා තිබෙනවා.