ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පිහිටි සෞඛ්‍ය අධ්‍යයන විශ්ව විද්‍යාල ආයතනයේ උසස් ඩිප්ලෝමාපාඨමාලාව හැදැරූ 28 කට සහතික පත්‍ර ප්රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්යඅමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී අදහස්දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“මෙම පාඨමාලාව ආරම්භ කළේ 2013 වසරේ දී. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්යධූරයදරන සමයේ දී මෙම පාඨමාලාව පිළිබදව ගැටලු ඇති වුණා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූපසු පාඨමාලාව පවත්වාගෙන යාම සදහා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමග වසර 03 කගිවිසුමකට එළඹුනා. ඔබ සැම කළ පාඨමාලාවේ දී මුහුණ දුන් ගැටලු සහතික පත්‍රයේ කොතනකවත් සදහන් වෙලා නැහැ. මෙම පාඨමාලාව සංවිධානගතව ඉදිරියට ගෙන යා යුතුයි.පාඨමාලාව හැදැරූ මෙම සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ රැකියා ලබාදිමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුවයි.”
“මැලේසියානු රජයට අයත් සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය උපකරණ ලබාදීමට එකග වී තිබෙනවා. ශ්‍රීලංකාවට රැගෙන එන එම උපකරණ ඉතා දිර්ඝ කාලීනව භාවිත කිරීම සදහා අක්‍රීය වන විටඅළුත්වැඩියා කළ යුතුයි. විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබාදෙනවා. ස්වයංක්‍රීය උපකරණ තමයි ලබාගන්නේ.”
මෙහිදී සෞඛ්යඅධ්යයන විශ්ව විද්‍යාල ආයතනය පවත්වාගෙන යාම සදහා කළ සේවාවට උපහාර දැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරුඵලකයක් ද පිරිනමන ලදි.මෙම අවස්ථාවටශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති අතුල කහදලියනගේ, අධ්යක්ෂ සුසිත් සේනාරත්න යනමහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.