එම්පර පෙන්ගුයින් හෙවත් යෝධ පෙන්ගුයින් යනු විශේෂ ජෛව විවිධත්වයෙන් යුත් penguin විශේෂයන් වන අතර ඇන්ටාක්ටිකාවට ආවේණික වූ සත්ව කොට්ඨාසයක්.මේ යෝධ පෙන්ගුයින් පිහිනන්නේ පුදුම වේගයකින්. ආපු වේගයෙන්ම අයිස් තට්ටුව මතට පනින විදිහත් හරිම අපූරුයි. ඌට මේ වගේ හැකියාවක් ලැබුණේ කොහොමද?
මේ පෙන්ගුයින්ලට පුළුවන් කබායක් වගේ තියෙන උන්ගේ පිහාටු අස්සේ වාතය හිර කරලා තියාගන්න. මේ නිසා සීතල දරාගන්නත් සාමාන්‍යයෙන් පිහිනන වේගයට වඩා දෙතුන් ගුණයක වේගයකින් පිහිනා යන්නත් පුළුවන්. සාගර විද්‍යාඥයන් කියන විදිහට උන් පීනද්දී පිහාටු අස්සේ හිර කරගත්තු වාතය ටිකෙන් ටික මුදාහරිනවා. ඒ මුදාහරින වායු බුබුළු ඇඟ වටේ රැඳෙද්දී අවට ජල කඳ කපාගෙන වේගයෙන් ඉදිරියට පීනන්න ඌට පුළුවන් වෙනවා. එහෙම පීනද්දී අපිට පේන්නේ උන් වායු බුබුළුවලින් හදපු ගුහාවක් තුළින් යනවා වගෙයි.
මේ එම්පර පෙන්ගුයින්ට ඒ වගේ අපූරු කබායක් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද? නාවික ඉන්ජිනේරුවනුත් දැන් උත්සාහ කරන්නේ වායු බුබුළු පිටවන ආකාරයට නැව් බඳ හදලා නැවේ ගමන වේගවත් කරන්න. ඒත් අත්හදා බැලීම් කරන අය කියන්නේ වායු මුදාහරින්න පුළුවන් විදිහේ දෙයක් හැදුවත් පෙන්ගුයින්ලට තරම් විශිෂ්ට විදිහට ඒක කරන්න ඔවුන්ට බැරි වෙයි කියලයි.
-ශානිකා රත්නායක-
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/adult-feeding-chick.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/antarctic.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/penguin-parents.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/a0bd4afd16e51773142f35fa5e8dad8f.jpg”]