fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදාවෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 17:29

යුද හමුදාවෙන් නිවේදනයක්

දැනට පවතින කිසිඳු යුද හමුදා කඳවුරක් වසා නොදමන බව යුද හමුදාව අවධාරණය කරනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු තීරණයක් නොගන්නා බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

හමුදා කඳවුරු ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව එම නිවේදනයේ සඳහන්. පාලනමය රාජකාරී සඳහා යොදවා සිටින යුද හමුදා භට පිරිස් ඉන් ඉවත් කර වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්‍ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීම සිදු කෙරෙනවා. ඔවුන් වැඩි පිරිසක් හදිසි ආපදා තත්ත්වයන් වලදී ක්‍රියාත්මක වීමට සහ ජාතිය ගොඩනැගීමේ කටයුතු සඳහා කාර්යක්ෂමව යෙදවෙනු ඇති. ඒ තුළින් යුද හමුදාවේ කාර්යක්ෂමතාව දෙගුණයකින් ඉහළ යන බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්