fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘ද ෆස්ට් පර්ජ්’ ආදායම් වාර්තා බිදදමයි

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 16:33

‘ද ෆස්ට් පර්ජ්’ ආදායම් වාර්තා බිදදමයි

‘ද පර්ජ්’ සිනමාපට මාලාවේ සිව්වැන්න ලෙස ජෙරාජ් මැක්මුරේගේ අධ්‍යක්ෂණයක් වන ද ෆස්ට් පර්ජ්’ අති සාර්ථක අන්දමින් අමෙරිකාවේ තිරගතවීම ආරම්භ වුණා.

ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමට හා අපරාධ අඩු කිරීමට අමෙරිකාවේ නව සමාජ විද්‍යාත්මක මූලධර්මයක් අත්හදා බලයි. මේ අත්හදා බැලීම සාර්ථ වනවාද නැද්ද ? යන්න ‘ද ෆස්ට් පර්ජ්’ හොලිවුඩ් සිනමාපටය ඊට පිළිතුරු ලබාදෙයි.

ප්‍රේක්ෂකයන් සංත්‍රාසයෙන් කුළුගන්වන ‘ද ෆස්ට් පර්ජ්’ තිරගත වී   සතියක් තුළදී ඩොලර් මිලියන හතළිස් දෙකක ආදායමක් ලබා තිබෙන බවටයි වාර්ථා වන්නේ. මෙම සිනමාපටය ඇමරිකානු  අාදායම් වාර්තා බිද දැමීමට සමත් වන්නක් බවයි විචාරකයන් පවසන්නේ.

යාලන් නෙයෙල් (ද්මිත්‍රි), ලෙක්ස් ස්කොට් ඩේවිස් (නියා), ජොයිවෑන් වේඩ් (ඉසයියා), ක්‍රිස්ටියන් රොබින්සන් (කැපිටල් ‘ඒ’), ලෝරන් වෙලස් (ලුයිසා), මරිසා තොමෙයි (ආචාර්ය මේ අප්ඩේල්) ඇතුළු නළු නිළියෝ රැසක් මෙම සිනමා පටයට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

ජෙරාජ් මැක්මුරේගේ අපූරු නිර්මාණයක් වන ද ෆස්ට් පර්ජ්’  ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා රසික රසිකාවියන්ට ඉතා නුදුරේ දී ම   නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 16:33

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්