බස්නාහිර පළාත් දැල් පන්දු සංගමය සිය දහතුන්වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ විවෘත දැල්පන්දු තරගාවලිය දින දෙකක් පුරා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
මෙහිදී ඒ කාණ්ඩයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය දිනාගත්තා. එම කාණ්ඩයේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය දිනාගත්තා. බී කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගත්තේ නෙට් ෆයිව් ක්‍රීඩා සමාජයයි. අවුරුදු පහළවෙන් පහළ ශූරතාව කොළඹ මියුසියස් විද්‍යාලය හිමිකර ගත්තා. දාහතෙන් පහළ ශූරතාව හිමිවූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයටයි. කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය අවුරුදු දහනවයෙන් පහළ ශූරතාව දිනාගත්තා. දැල්පන්දු ක්වීන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ තාරුකා අශ්විනී සම්මාන හිමිකර ගනිද්දී දැල්පන්දු කිංග් ලෙස තේරී පත්වුනේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ බණ්ඩාර සමරකෝනුයි.