මධ්‍යම කදුකරයේ ඝණ මීදුම් තත්වයක්
Related Articles
මධ්‍යම කදුකරයේ ඝණ මීදුම් තත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත්වීම වැදගත්. හැටන් -නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය, හැටන් -කොළඹ ප‍්‍රධාන මාර්ගය සහ හැටන් – මස්කළෙිය – බගවන්තලාව මාර්ග ආශ‍්‍රිතවත් මීදුම් තත්වය පවතිනවා. වාහනවල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මීදුම් තත්වයත් සමග අධික සුලං සහ කඩින්කඩ වර්ෂාව පතිතවන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.