හයිටි අග්රාමාත්යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ධුරයෙන් ඉවත්වන ලෙසට පැවති විරෝධතාවලට ප්රතිචාර දක්වමින්. සිය ඉල්ලා අස්වීමේ ලිපිය හයිටි ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි ඔහු සදහන් කළේ. එය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. විරෝධතා කරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.