fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායි දරුවන් 12දෙනා රෝහලෙන් පිටව යාම ලබන සතියේ

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 16:22

තායි දරුවන් 12දෙනා රෝහලෙන් පිටව යාම ලබන සතියේ

තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි දරුවන් දොළොස්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලබන සතියේදී රෝහලෙන් පිටව යාමට නියමිත බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.ගුහාවේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරු ඉන් පිටතට ගැනිමෙන් අනතුරුව පසුගියදා  රෝහල් ගත කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරීමෙන් පවතින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.

මෙම දරුවන් දොළොස්දෙනා වයස අවුරුදු එකොළහත්, දහසයත් අතර පසුවන්නන්. ඔවුන් තාම් ලූආන් ගුහාවේ අතරමං වුයේ පසුගිය විසි තුන්වනදායි. ඒ එම ප්‍රදේශයට වර්ෂාව එල්ල වීමත් සමග ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන්. දින තුනක මුදවා ගැනිමේ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි ඔවුන් පසුගියදා පිටතට ගැනීමට හැකිවුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්