මලාලා යූසුෆ්සායි අරමුදලට සහාය දැක්වීමට ඇපල් සමාගම තීරණය කළා. ඒ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කිරිම වෙනුවෙන්. ලතින් ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාවට නංවන එය පසු කාලයකදී ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන බවයි ඇපල් සමාගම සඳහන් කළේ.
වැඩසටහන මඟින් ගැහුණු ළමයින් ලක්ෂයකට සහන සැළසීමට සූදානම් බවයි ඇපල් සමාගමේ උප සභාපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.