මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකරන කි‍්‍රයාදාමය පිලිපීනයේ ඇගයීමට ලක්වෙයි. පිලිපීනය ගෙන යන සටනට ශ්‍රී‍්‍ර ලංකාව ද එක්වීම සතුටුදායක බව එරට ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් පවසා තිබෙනවා. පිලිපීනය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැඩි පියවරක් අනුගමනය කරන රටක්. ශ්‍රී‍්‍ර ලංකාවේ ද මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට ආරම්භ කළ වැඩපිළිවෙල ප්‍රසංසනීය බව පිලිපීන ජනාධිපති සදහන් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මතට ඇබ්බැහිවූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරි කරදීම තම අපේක්ෂාව වන බව ජනපති ඩුටර්ට් මින් පෙර පවසා තිබෙනවා. ඔහු ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු තුන්දහසක අධික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට දඬුවම් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට්ගේ වැඩිමහල් පුතා සම්බන්ධයෙන්ද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූණා. ඒ අවස්ථාවේදී ජනාධිපති ඩුටර්ට් ප්‍රකාශ කර සිටියේ, මත්ද්‍රව්‍ය හාවිතයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඔහුද ඝාතනය කිරීමට තමා පොලිසිය නියෝග කර ඇති බවයි.
වරෙක සිය වැඩිමහල් පුතුට මෙසේ පැවසූ බව ඔහු කියා තිබෙනවා. ” මම පුලොන්ග්ට කිව්වා. කරුණු සත්‍ය නම් ඔබව බව අල්ලාගතහොත් මරාදමන්න මම නියෝග කළා. ඔබව මරා දමන පොලීසිය මම ආරක්ෂා කරනවා.”