හෙරොයින් තොගයක් පාර්සල් කරමින් සිටියදී එකම පවුලේ පස් දෙනෙකු මහරගම වීර මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් තුන් දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණියක, ඇයගේ මව , පියා , පෙම්වතා සහ සහෝදරිය බවද පොලිසිය ප්රකාශ කළා. අත්අඩංගුවට ගත් මත්කුඩුවල ප්රමාණය සහ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
සැකකරුවන් ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මහරගම නිවස රුපියල් විසි අට දහසක මාසික කුලී මුදලකට රැගෙන හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නෙ.