හංවැල්ල ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණිය ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම රථයේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. සංගීත සන්දර්ශනයන් නරඹා ආපසු නිවස බලා එමින් සිටි අතරතුර ඇය මෙම අනතුරට ලක්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් තරුණියගේ වයස අවුරුදු විසිතුනක්. යතුරුපැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබූ අතර ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.