ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර හමුව ලබන සඳුදා පැවැත්වෙනවා. ඒ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදි. හමුව නියත වශයෙන්ම පැවැත්වෙන බවයි ධවල මන්දිරය සදහන් කළේ. මෙම හමුවට පෙර ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුව රුසියානු බුද්ධි අංශ නිලධාරින් 12 දෙනකුට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරිම ද විශේෂත්වයක්.