පාකිස්ථානයේ මැතිවරණ ප්රචාරක රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්ථානයේ මස්ටාන් නගරයේ පැවති රැළියකටයි ප්‍රහාරය එල්ල වුණේ. මෙය 2014 වසරෙන් පසුව එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරයෙන් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් ප්‍රාදේශිය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය සදහන් කරනවා. ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාර ගෙන ඇති බවද සදහන්. පාකිස්ථාන මහ මැතිවරණය ලබන විසිපස්වනදා පැවැත්වීමට නියමිතයි. මීට දින කිහිපයකට පෙරද බන්නු නගරයේ පැවති මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.