වෙඩි තැබීම් දෙකක්; දෙදෙනෙක් මරුට
Related Articles
කුඩා ඔය සහ ගොවිදුපුර ප්‍රදේශවල සිදුවු වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගොවිදුපුර – උනානයාය බෝවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මතයි පරීක්ෂණ සිදුකළේ. මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුවේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර ඌව කුඩා ඔය ප්‍රදේශයේ දි පුද්ගලයන් තුන් දෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment