Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 18:25

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක්

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර  වෙළෙද හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය යොමුවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුමෙන් සිදුවූ තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර ගැනීමට හැකිවුණා.

2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්ත සංචාරයේදී කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා දිවයිනට පැමිණියේ ඊයේ (12) පස්වරුවේයි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමා පිළිගත්තා. එහිදී හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර සහිතව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සිදු කළා.

දෙරටේ නායකයින් අතර සුහද කතාබහකින් අනතුරුවයි ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සබදතා මේ වන විට සැළකියයුතු මට්ටමින් වර්ධනය වී ඇති අතර දෙරට් අතර වෙළෙද පරතරය අඩු කර ගැනිම පිළීබදවද දෙරටේ නායකයින් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහතික වූයේ ශ්‍රී ලංකාවේ තේ සදහා තායිලන්තය තුළ ඉදිරියේදි වැඩි අවස්ථාවක් ලබා ගැනිමේ හැකියාව සොයා බැලීමටයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් හතරකට ද දෙරටේ නායකයින් ඉදිරියේ අත්සන් තැබුනා. නීති උල්ලංඝණය කරන පුද්ගලයින් හුවමාරුවට අදාල නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබූ අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා එම ගිවිසුමට අත්සන් තැබුවා.

දෙරට අතර ක්‍රමෝපායික ආර්ථික හවුල්කාරීත්වය පිළිබද ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබීම සිදු කළා.

තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මකභාවය පිළිබද ආර්ථික දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන පිළිබද සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබීම මෙහිදී සිදු කෙරුණා. තායිලන්ත කසෙට්සාර්ට් විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර ගිවිසුමකට ද එළඹුණා.

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕ චා මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වූවා. මෙම හමුව අද (13) පෙරවරුවේ සිදුවූයේ අරලියගහ මන්දිරයේදීයි. තායිලන්ත ආයෝජකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට මෙහිදී එකගතාවට පැමිණියා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද්වීපාර්ශ්වික සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට ද මෙහිදී එකඟවී තිබෙනවා. ථේරවාදී බුදුදහම පවතින රටවල් වශයෙන් බෞද්ධ සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථා පිළිබදව ද අවධාරණය කෙරුණා. දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජීය සබදතා ඉදිරියේදී වඩ වඩාත් වර්ධනය කරලීමේ ඉඩ ප්‍රස්ථා පිළිබඳව ද අගමැතිවරුන් දෙපල අදහස් හුවමාරුකර ගත්තා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ දෙරටේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළඳා මාලිගය ද වැඳපුදා ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්වුණා. ශ්‍රී දළඳා මාලිගාවේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් පිළිගැනීම දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිදුකළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ආගමික වතාවත්වල නිරත වුණා. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් දන්ත ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද ඒ මහතා එක්වුණා.

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕ චා මහතා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ද සංචාරයක නිරත වුණා. එහි ගල් වෙරළු ශාකයක් රෝපණය කිරීමටද ඒ මහතා එක්වුණා.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද (13) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර කටුණායක ගුවන් තොටුපලේදී ඔහු පිළිගෙන විශේෂිත අමුත්තන්ගේ පර්යන්තය වෙත කැඳවාගෙන ගියේ අමාත්‍ය තිලක් මාරපන මහතායි. එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඒ මහතා වෙත ලබාදීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළා. අනතුරුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 18:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්