අශෝභන හැසිරීම නිසා ප්රසන්න වරප්රසාද කමිටුව හමුවට
Related Articles
පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේදී අශෝභන වචන ප්රකාශ කරමින් සෙංකෝලය රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එළඹෙන සඳුදා (16) දින වරප්රසාද කමිටුව හමුවට කැඳවීමට තීරණයකර තිබෙනවා. කතානායකවරයාට තර්ජනය කරමින් බැනවැඳුනු බවට පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට ද චෝදනා එල්ල වුණා.
විජයකලා මහේෂ්වරන් මන්ත්රීවරයාගේ ප්රකාශයක් සම්බන්ධයෙන් පසුගිය තුන්වනදා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එහිදී ප්රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ක්රියා කලාපය දැඩි දෝෂදර්ශනයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට වරප්රසාද කමිටුව මන්ත්රීවරයාට දැනුම් දුන්නා. මන්ත්රීවරුන් දෙදෙනාගේ මෙම හැසිරීම බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment