fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකාන්තය නැරඹීමට කෙටි මාර්ගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 18:41

ලෝකාන්තය නැරඹීමට කෙටි මාර්ගයක්

සුන්දර ලෝකාන්තය නැරඹීමට පැමිණිය හැකි ඉපැරණි කෙටි මාර්ගයක් බලංගොඩ ප්‍රදේශයෙන්  හමුව තිබෙනවා. බලංගොඩ නන්පේරීයල් වතුයාය හරහා වන එම මාර්ගය සංචාරකයින් සදහා නිල වශයෙන් විවෘත කර දීමෙන් බලංගොඩ ආශ්‍රිත  ප්‍රදේශ රැසක සංචාරක  කර්මාන්තයේ දියුණුවක් ද ඇති කළ හැකියි.

දෙස්  විදෙස් සංචාරකයින් විශාල පිරිසක් දෛනිකව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන්නේ එහි ඇති සුන්දරත්වය මෙන්ම එම දුර්ලභ  අත්දැකීම විදගැනීමටයි. හෝර්ටන් තැන්න හරහා ලෝකාන්තය නැරඹීමට තැනිතලා භූමියක විශාල දුරක් පයින් ගමන් කිරීමට සිදු වනවා. එහෙත් මීට දශක ගණනාවක්ට පෙර වතු පාලනය කළ විදේශිකයන් නන්පේරියල් මාර්ගය ඔස්සේ ක්‍රමවත්ව සැකසූ මාර්ගයක්  භාවිත කරමින් ලෝකාන්තය වෙත ගමන් කර ඇති බව හෙලිව තිබෙනවා .

මෙම මාර්ගයේ ගමන් කරන විට ලෝකාන්තයේ පහළ කොටස ඉතා දර්ශනීය ලෙස  දිස් වන අතර ඇතැම් සංචාරකයින් නන්පේරියල් මාර්ගය ඔස්සේ  ලෝකාන්තය නරඹීමට පැමිණියත් එම මාර්ගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිකරණ ස්ථානයක් නොමැතිවීමෙන් රජයටද විශාල මුදලක් අහිමි වනවා. මෙම කෙටි මාර්ගය ක්‍රමවත්ව  සංචාරකයින් සදහා විවෘත කිරීමෙන් බලංගොඩ බෙලිහුල්ඔය,  නන්පේරියල් ආදී ප්‍රදේශවල විශාල සංචාරවක දියුණුවක් ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්