සාම්පුර් ඉලක්කන්ද වෙරල තීරයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් හමුව තිබෙනවා. වෙරල තීරයේ විවිධ ස්ථානවල වළදමා තිබූ හෙරොයින් පැකට් 21ක් හමුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 66 ක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. පරික්ෂණ ක්‍රියාත්මක බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.