ට්‍රම්ප් ප්‍රථමවරට බ්‍රිතාන්‍යයට යයි
Related Articles
ඇමෙරිකා බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික සබදතාවන්ට වසර සියයක් සපුරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.දින හතරක නිල සංචාරයක් සදහායි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ බ්‍රිතාන්‍යයට පැමිණියේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව බොහෝ දෙනා විරෝධතාවන් හි නියලී සිටිනු දැකගත හැකිවුණා. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා රතු පලස් මතින් පිළිගැනීමටයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ කටයුතු කළේ. පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එක්දහස් නවසිය දහ අට වසරේ දී ඇමෙරිකා ජනාධිපති වුඩ්රෝ විල්සන් දින කිහිපයක සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයට පැමිණියා. අවසන් වරට බ්‍රිතාන්‍ය නිල සංචාරයකට එක්වූ ඇමෙරිකා ජනාධිපතිවරයා වන්නේ දෙදහස් දහසය වසරේ ලන්ඩන් වෙත පැමිණි බැරක් ඔබාමා ජනාධිපතිවරයායි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment