fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංජේ දත් බොක්ස් ඔෆිස් බිඳ දමයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 14:34

සංජේ දත් බොක්ස් ඔෆිස් බිඳ දමයි

බොලිවුඩයේ සුපිරි නළු සංජේ දත් මේ දිනවල සිනමාව පුරා ජය කෙහෙළි නංවමින් සිටිනවා.

සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරින් රාජ්කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කළ සංජු චිත්‍රපටය පසුගිය ජූනි මාසයේ ප්‍රදර්ශනය ඇරඹුණා.

ප්‍රදර්ශනය අරඹා දින 13ට පසු ඒ වන විට ප්‍රදර්ශනය වෙමින් තිබූ අමිර් ඛාන්ගේ ඩූම් -3 චිත්‍රපටය ද අභිබවමින් ආදායම් වාර්තා තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට චිත්‍රපටයෙන් ලබා ඇති සමස්ත  ආදායම ඉන්දීය රුපියල් කෝටි 284. 83ක් වනවා.ඒ අනුව 2018 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වන මෙහි සංජේ දත් ගේ චරිතය රන්දීර් කපූර් රඟන අතර අනුෂ්කා ශර්මා,සෝනම් කපූර්, මනීෂා කොයිරාල, ඩියා මිර්සා,විකී කෞෂාල් වැනි නළ නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 14:34

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්