Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුපාසි උතුරුමැද පළාත ආක්‍රමණය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 13:11

කටුපාසි උතුරුමැද පළාත ආක්‍රමණය කරයි

මිරිදිය කර්මාන්තයට තර්ජනයක් වන කටුපාසි ජලජ පැලෑටිය උතුරුමැද පළාතේ සියලු වැව් ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත වැලිඅංග මහතා පවසනවා.

කටු පාසි පැලෑටිය ශ්‍රී ලංකාවේදී මුලින්ම සොයා ගන්නේ 2012 වසරේදී. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ මාදු ගඟ ආශ්‍රිතවයි. ආක්‍රමණශීලී පැලෑටියක් වන කටු පාසි දැනට අනුරාධපුර මහකනදරාව වැවේ විශාල ලෙසින් ව්‍යාප්තව තිබෙනවා. විදේශීය සංචාරක පක්ෂියෙකු මෙම පැලෑටිය ව්‍යාප්ත කරන්නට ඇතැයි වසන්ත වැලිඅංග මහතා පවසනවා. මීට විසදුමක් වශයෙන් කැට්ලා හා ග්‍රාස්කාෆ් නමැති මත්ස්‍ය විශේෂ රජරට ජලාශවල ව්‍යාප්ත කිරීමට පර්යේෂණ කණ්ඩායමකගේ අවධානය යොමුව තිබෙන බව ඒ මහතා සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 13:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්