කියවන සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරිමට යෝජනාවක්
Related Articles
සිරකරුවන්ගේ කියවීම වැඩිකිරිම සඳහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය හරහා එය කි‍්‍රයාත්මක කිරිමයි සැළසුම. ආගමික ඇතුළු වටිනා පොත්පත් පරිශීලනය සඳහා සිරකරුවන්ට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ඊට පෞද්ගලික අංශයේ සහය ද හිමිවනවා. වැඩි වශයෙන් පොත්පත් පරිශීලනය කරන සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කිරිමට ඉල්ලිමක් කිරිමට සූදානම් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ. පාසල් දරුවන්ගේ කියවීම වැඩිකිරිමට ද වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඔවුන් ඉදිරියේදි ඇගයිමට ලක්කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සුභග ශිෂ්‍යත්ව ප්රදානය කිරිමේ උත්සවයට එක්වෙමින්.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment