නූතන පංච ප්‍රයාම ජාතික සංගමයේ නවීන ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නවීන ලේසර් තුවක්කු හදුන්වාදීම සිදුවුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙම තුවක්කු භාවිත කරන ආකාරය අත්හදා බැලීමට කටයුතු කළා. දිවයින පුරා සිටින නූතන පංච ප්‍රයාම පුහුණුකරුවන් සදහායි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ. නූතන පංච ප්‍රයාම ජාතික සංගමයේ සභාපති නිශාන්ත පියසේන මහතා ඇතුළු නිලධාරීන් ඊට එක්ව සිටියා.