අපොස උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍ර අද (13) සහ හෙට (14) පාසල් වලට යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග දෙකට අදාල උපකාරක පන්ති විභාගයට දින පහකට පෙර අවසන් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නෙ. ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 05 වනදා සහ උසස්පෙළ විභාගය 06 වනදා ආරම්භ කිරිමටයි නියමිත. උසස්පෙළ විභාගයේ පැය තුනක ප්‍රශ්න පත්‍රයක් සදහා කියවා තේරුම් ගැනිමට විනාඩි දහයක අතිරේක කාලයක් ද මෙවර ලබාදිමට තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නෙ.

උසස්පෙළ, ශිෂ්‍යත්ව ප්‍රවේශ පත්‍ර අද සිට පාසල් වලට
කියවීමට මිනිත්තු 1