Life+News The Official News Portal of Independent Television Network Ltd

20 සම්මත කර ගැනීමට සහාය වීම දේශපාලනඥයන්ගේ වගකීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:40

20 සම්මත කර ගැනීමට සහාය වීම දේශපාලනඥයන්ගේ වගකීමක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය වසර ගණනාවක සිට ජනතාව බලාපොරොත්තුවෙන් සිටි එකක් බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. එය සම්මත කර ගැනීමට සහාය වීම ජනතාව ගැන සිතන සියලු දේශපාලනඥයන්ගේ වගකීමක් බවයි ස්ථාන කිහිපයක දී අවධාරණය කෙරුණේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විසි වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් කර තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි. විසි වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත අනුවයි. එම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් මෙම සංශෝධනය හරහා ඇති වනවා. එමෙන්ම රාජ්‍ය නායකයා හා සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා තවදුරටත් කටයුතු කරනු ඇති. කෙසේ වුවද විසි වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුවේ ප්‍රධානියා සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අග්‍රාමාත්‍යවරයායි.

අමාත්‍ය මණ්ඩලය නම් කිරීම, කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත් කිරීමේ බලය ද 20 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගෙන් ඉවත් කෙරෙනවා. එමෙන්ම ජනාධිපති ධුර කාලය වසර 5කට සීමා වන අතර එම කාලය තුළ දී ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක නායකත්වය දැරීමට හෝ සාමාජිකත්වය දැරීමට නොහැකි වනවා.

ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා,

පා.ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්