නාමල්ට එරෙහි නඩුව කැඳවයි
Related Articles
අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කන්සල්ටේෂන් පෞද්ගලික සමාගම ඔස්සේ විශුද්ධිකරණය කලේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දි මෝසමක් මගින් අද (12) කැදවූවා.
නීතීඥවරයෙකු මගින් මෝසමක් ගොනු කරමින් නාමල් රාජපක්ෂ මහතා දන්වා සිටියේ අසනීප තත්වය නිසා තමන්ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පසුගිය මස විසිහතර වනදා පෙනී සිටීමට නොහැකි වූ බවයි.
නඩුවේ ඇප කොන්දේසියක් ලෙස සැකකරුට මාස දෙකකට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට මින් පෙර නියෝග කර තිබුණා. මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී නොසිටීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කර ඇති බැවින් එම කාරණය නොසලකා හරින බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.