Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නව නීති

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 18:10

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නව නීති

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සුභග ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සුවිශේෂී හැකියාවන් සහිත පාසල් සිසුන්ගෙන් පසුගිය වසරේ කැදවූ අයදුම්පත් අතුරින් තෝරාගත් සිසුන් දහසකට සුභග ශිෂ්‍යත්ව ලබා දීම සිදුවනවා. ශිෂ්‍යත්ව ලාභීන්ට මාස විස්සක කාලසීමාවක් සදහා රුපියල් පනස් දහසක් බැගින් මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට මේ යටතේ කටයුතු යොදා තිබෙනවා. ක්‍රීඩා,නව නිපැයුම්, හා සෞන්දර්ය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන යටතේ ශිෂ්‍යත්ව සදහා අයදුම් කළ හැකියි. අනාගත අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍යවන හැකියාවන්ගෙන් සපිරි නිර්මාණශීලී දරුවන් පාසල් තුළින් හදුනාගැනිම හා දිරිගැන්වීම ව්‍යාපෘතියේ අරමුණක්. ‘දිරියට දිරි දෙමු – දිරියෙන් ජයගමු ‘ යන්න තේමා කර ගනිමින් මෙය පැවැත්වෙනවා. අයදුම්පත් යොමුකරන වසරේදී අපොස උසස්පෙළ හදාරන දරුවන්ට මේ සදහා ඉදිරිපත් විය හැකියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

“]

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 18:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්