වැලි ප්‍රවාහනයේදී ජීපීඑස් තාක්ෂණය අනිවාර්ය කර තිබෙනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබුවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති අසේල ඉද්දවෙල හා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා. ගිවිසුමට අනුව වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ ජීපීඑස් තාක්ෂණය යටතේ අධීක්ෂණය කෙරෙනවා.
ගංගා හානි අවම කිරීම, සීමාව ඉක්මවා වැලි ගොඩදැමීම ඇතුළු වැලි ප්‍රවාහනයේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මේ තුළින් හැකිවනු ඇති. ජීපීඑස් තාක්ෂණය සමග සම්බන්ධ නොවූ ටිපර් රථ සදහා වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකිරීමට ද තීරණයකර තිබෙනවා.
අසේල ඉද්දවෙල – සභාපති – භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, කුමාරසිංහ සිරිසේන – සභාපති – ශ්‍රී ලංකා ටෙලිකොම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/FwQzLXl0jYk”]