තායිලන්ත ගුහාවේ සිර වී සිටි පාපන්දු ක්‍රීඩකයින් දොළොස් දෙනා බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සහ එම දරුවන් රෝහලේ ප්‍රතිකාර ලබන ආකාරය දැක්වෙන දර්ශන පළමු වරට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ලෝකයේම අවධානය යොමු වූ තාම් ලුආන්ග් ගුහාවෙන් දරුවන් බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුම දින තුනක් පුරා සිදු කෙරුණා.
එහිදී දරුවන් ගුහාවෙන් පිටතට ගැනීම සදහා නිර්වින්දනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් පිටතට රැගෙන ඒමේදී බියට පත්ව මානසික ව්‍යාකූලභාවයක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදුකර ඇති බව සදහන්. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මෙම දරුවන්ගේ සහ පුහුණුකරුගේ බර කිලෝග්‍රෑම් දෙකකින් පමණ අඩු වී ඇති බවද වෛද්‍යවරුන් පවසනවා.
ඔවුන්ගේ දෙමව්පියන්ට සහ ඥාතින්ට තවමත් එම දරුවන් හමුවීමට අවසර ලබා දී නැහැ. මේ අතර තායිලන්ත රජු ද මොවුන්ට සුබ පැතුම් එක් කර තිබෙනවා. මෙම සිද්ධිය පදනම් කරගනිමින් හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.