ඇලෙස්කාවේ ජම්බො කදුකර ප්රදේශයට කඩා වැටුනු සැහැල්ලු ගුවන් යානායේ සිටි එකොළොස් දෙනෙකු බේරා ගැනීමට ඇමෙරිකා වෙරළාරක්ෂක කණ්ඩායම සමත් වී තිබෙනවා.
කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්. ඔවුන් මුදා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබෙනවා. අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පරීක්ෂණ තවමත් ක්රියාත්මකයි.