fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාත්තන්කුඩියෙන් ලොවටම පෙන්වූ සංහිඳියා ආදර්ශය

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 11:44

කාත්තන්කුඩියෙන් ලොවටම පෙන්වූ සංහිඳියා ආදර්ශය

ආගම දහම, භාෂාව, වර්ගය, ප්‍රදේශය ආදි වශයෙන් බෙදී වෙන්වී ඇනකොටා ගැනීමට ඇතැමුන් උත්සාහ දරන යුගයක මව්බිමේ සංහිදියාව පිළිබද භික්ෂූන් වහන්සේ නමක ලෝකයටම ආදර්ශයක් ලබා දුන්නා. කාත්තන්කුඩිය පොලිස් වසමට අයත් කර්බලා ග්‍රාමයේ සිදුවූ ගැටුමකදී ඒ ජේ එම් සහ්ලාන්  මව්ලවිතුමා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සදහා මවුලවිතුමා පොලිස් භාරයේ රදවාගෙන සිටින ආකාරය වෙනත් කටයුත්තක් සදහා පොලිසියට පැමිණි කල්මුනේ සුභද්‍රාරාම මහ විහාරාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන ස්වාමීන් වහන්සේ දැක තිබෙනවා. එහිදී උන්වහන්සේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මවුලවිතුමා ඇපමත මුදා හරින ලෙසයි.

ඒ අනුව ස්වාමීන් වහන්සේගේ ඇප වීම මත මවුලවිතුමා මුදා හැරුණා. අදාළ සිද්ධිය ද අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සමථ මණ්ඩලයට මාරු කිරීමට කටයුතු කෙරුණා. ඒ සංඝරතන ස්වාමීන් වහන්සේගේ  ඉල්ලීමකට අනුවයි.

පූජ්‍ය රන්මුතුගල සංඝරතන ස්වාමීන් වහන්සේ – කල්මුනේ සුභද්‍රාරාම මහ විහාරාධිපති,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo