Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 12:10

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. දකුණු ආසියා කතානායක සමුළුවේ විශේෂ සැසියක් අමතමින් කතානායකවරයා මේ බව සදහන් කළා.

දකුණු ආසියා රටවල කතානායකවරුන් මෙම සමුළුවට එක්ව සිටියා. මෙහිදී සභාව ඇමතූ කතානායක කරූ ජයසූරිය මහතා  ශ්‍රී ලංකා රජය හා පාර්ලිමේන්තුව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම මෙන්ම ,හරිත ආර්ථිකයක් සදහා ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළා.

කතානායක කරූ ජයසූරිය,

” සංවර්ධන ඉලක්ක සපුරා ගන්න රජය පියවර රැසක් ගෙන තිබෙනවා.  තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත්කළා. සංවර්ධනය සදහා දේශපාලන නායකත්වයක් අවශ්‍යයයි. මෙම කමිටුව ඉහළ මට්ටමේ කමිටුවක්. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා රටේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට “

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී ගෙබ්රිලා බරෝන් , දකුණු ආසියානු රටවල කතානායකවරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 12:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්