fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයෙන් සැමට ප්‍රතිලාභ

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:44

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයෙන් සැමට ප්‍රතිලාභ

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය දේශපාලන භේදයකින් තොරව සැමට ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සඳහා පුළුල් වගකීමකින් යුතුව සියලු දෙනා ඒකරාශී වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කරනවා.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටීමට අත්වැල සපයන ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවුණේ ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි. ඊට පෞද්ගලික අංශයේ ද දායකත්වය හිමි වනවා. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාතට ප්‍රතිලාභ ලබාදෙන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබුණා. ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පලමු වාරිකය වෙනුවෙන් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රතිපාදන  ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනටම රුපියල් මිලියන එකසිය අටක්  ලබා දීම සිදු වුණා.

ජනපති,

ජනාධිපතිතුමා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොටලිගොඩ උතුර ග්‍රාම ශක්ති ගම්මානය වෙත ගොස් එම ජනතාවද හමුවුණා. එහිදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ජනාධිපතිතුමා  මෙන්ම මැති ඇමතිවරුන් පිළිතුරු ලබා දුන්නා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්